Thursday, July 25, 2019

අසරණයා දුගී

අසරණයා දුගී
දුකින් නොම කා නොබී

එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ ...//

අනුකම්පා හා කරුණා මෛත්‍රී දයා
සමාජයෙන් මම අසවෙමි කොයිදෝ කියා

අසරණයා දුගී
දුකින් නොම කා නොබී
එදා වේල ගෙවන්නේ
කවුරුන්ද බලන්නේ

ධනපතියෝ ඇතී
ටිකක් සොයලා බලා
ඇයි පිහිට නොවන්නේ
මොනවාද කරන්නේ

හංහ්.. හහ් හහ් හහ්

මේ වාගේ පොඩි දරුවන් කොපමණ ඇත්දෝ
අනාගතේ මේ විදියට කොහොමට වෙත්දෝ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1965 දී තිරගතවූ හතර මහා නිධානය චිත්‍රපටියේ ගීයකි.

No comments: