Thursday, July 25, 2019

සුනිල වරලස මුදන්නී

එතනා රන් එතනා
එතනා රන් එතනා

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී ...//

උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී ...//

කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී ..//

හුරතලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී

ගායනය - සි.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සි.ටී. ප්‍රනාන්දු

No comments: