Wednesday, July 24, 2019

සඳ වට රන් තරු

බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට
මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට
අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට


සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

ගඟුලට ඇති බර දිය වැල නේදෝ
කතරට ඇති හර සුදු වැලි නේදෝ
ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ
මවකට ඇති සැප දරු සැප නේදෝ

ගින්නක් නැති කල දුමක් කොයින්දෝ
පින්නක් නැති කල තෙතක් කොයින්දෝ
වහළක් නැති කල ගෙයක් කොයින්දෝ
අම්මෙකු නැති කල දැයක් ‍කොයින්දෝ

සඳ වට රන් තරු කැකුළු පිපේවා
ඉරුට වලාකුළු සළු පැළඳේවා
පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා
පුතෙකුට අම්මගෙ අගය දැනේවා

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: