Wednesday, July 24, 2019

ලෝ අඩ නින්දේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහළට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැළවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ


ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නළවන්නේ

මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ


ගායනය = ලතා වල්පොල සමග සී.ටී. ප්‍රනාන්දු
පද - සුසිල් සේනාධීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු

No comments: