Wednesday, July 8, 2020

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ
හෝ හෝ හෝ නෙත් විලේ නිල්
ඕ හො මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැළවේ අනඟාවන්

නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

සුරංගනාවන් වාගේ මඳ පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ .....//
රෑ උනාවේ
නෑ නිදන්නේ
මේ නෙතු පතමි චංචල නෙත් යුග පා

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි
මලක් පිපේ හිත මත්තේ
ජය පරාජෙ පෙරළී යයි ...//

මා ඔබේ පෙම්
ජීවිතේ නම්
ගීතෙන් වෙළෙමී සියුමැලි රූ පෙරදා

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

හෝ හෝ හෝ නෙත් විලේ නිල්
ඕ හො මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැළවේ අනඟාවන්

නිසන්සලයි
නිසන්සලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් උනත් මා මතකේ රැඳේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - (පහත විස්තරය බලන්න)
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "චින් චින් නෝනා" චිත්‍රපටියේ ගීයකි.

1973 දී තිරගතවූ "Yaadon Ki Baaraat" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයේ තනුව එහෙම් පිටින්ම උපුටා ගෙන සිංහල ගීය නිර්මාණය වූ බව පැහැදිලිය.
ඒත් ඔබ දන්නවාද රහුල් දේව් බර්මන් "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයට melody එක ගත්තෙ කොහෙන්ද කියල.

නෙදර්ලන්ත ජාතික Bojoura නම් ගායිකාව, 1967 දී ගැයූ ගීයක් යුරෝපයේ අතිශය ජනප්‍රිය වෙනවා. ඒ "If It's Tuesday, This Must Be Belgium" යන ගීය. 
1969 දී අමෙරිකාවේදී තිරගතවුණා ආදර ප්‍රහසන අන්දරයක් රැගත් චිත්‍රපටියක්. එය නම් කෙරුණෙ අර ගීයේ නමින්. ඒ කියන්නෙ "If It's Tuesday, This Must Be Belgium" නමින්. Bojoura ගැයූ ගීය එහෙමම චිත්‍රපටියේ ඇතුළත් වෙනවා. අන්න ඒ ගීයෙන් තමා රහුල් දේව් බර්මන් "Chura LiyaHai Tumne Jo Dil Ko" ගීයට තනුව උකහා ගත්තෙ.


Song - Nisansalai Seethai Re Gewenne
Singers - Anjalin Gunathilaka & H.R. Jothipala
Lyricist - Sri Nihal Jayasinha
Music - M.K. Rocksamy
Movie - "Chin Chin Nona" 1977

හින්දි ගීයේ පද

churaa liyaa hai tum ne jo dil ko
nazar nahi churaanaa sanam
badal ke meri tum zidagaani
kahi badal na jaanaa sanam

le liyaa dil, haay meraa dil
haay dil lekar mujhako naa bahalaanaa
churaa liyaa churaa liyaa hai

bahaar ban ke aaun kabhi tumhaari duniyaa me
guzar na jaae ye din kahi isi tamannaa me
tum mere ho, haan tum mere ho
aaj tum itanaa vaadaa karate jaanaa
churaa liyaa churaa liyaa hai

sajaaungaa lut kar bhi tere badan ki doli ko
lahu jigar kaa dungaa hasi labo ki laali ko
hai vafaa kyaa, is jahaan ko
ek din dikhalaa dungaa mai divaanaa
churaa liyaa churaa liyaa hai

le liyaa dil, haay meraa dil
haay dil lekar mujhako naa bahalaanaa
churaa liyaa churaa liyaa hai

चुरा लिया है तुम ने जो दिल को
नज़र नहीं चुराना सनम
बदल के मेरी तुम ज़िंदगानी
कहीं बदल न जाना सनम

ले लिया दिल, हाय मेरा दिल
हाय दिल लेकर मुझको ना बहलाना
चुरा लिया... चुरा लिया  है ...

बहार बन के आऊँ कभी तुम्हारी दुनिया में
गुज़र न जाएं ये दिन कहीं इसी तमन्ना में    
तुम मेरे हो, हाँ तुम मेरे हो
आज तुम इतना वादा करते जाना 
चुरा लिया ... चुरा लिया है ...

सजाऊँगा लुट कर भी तेरे बदन की डोली को
लहू जिगर का दूँगा हंसीं लबों की लाली को
है वफ़ा क्या,  इस जहाँ को
एक दिन दिखला दूँगा मैं दीवाना
चुरा लिया...  चुरा लिया है ...

Singers - Asha Bhosle & Mohammad Rafi
Lyricist - Majrooh Sultanpuri
Music - R.D. Burman
Movie - Yaadon Ki Baaraat

Year - 1973

If It's Tuesday, This Must Be Belgium ගීයේ පද

If it's Tuesday this must be Belgium
If it's Wednesday this must be Rome
If it's Thursday this must be Montreal
I fear I never wanna go home

If this is London why ain't it raining?
The sun is shining on St. Paul's dome
If this is real then I must be dreaming
Can't wait to tell the folks back home

Can't wait to tell the folks back home

If it's Tuesday this must be Belgium
If it's Wednesday this must be Rome
If it's Thursday this must be Montreal
I fear I never wanna go home

I fear I never wanna go home

Lyricist - Donovan Leitch
Composer - Walter Scharf



වන්දනා ව්ශ්වාස්, මුල් ගීය හා "චුරාලියා" යන ගී දෙකම වේදිකාවේ ගයා මූලාශ්‍ර පෙන්වා සිටි වීඩියෝවක්. ..





සුජාතා අත්තනායක මහත්මිය, මේ ගී තනුවටම ගැයූ තවත් ගීයක්

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

පේන මානේ
චාරිකාවේ
මතු යමි අපි දෙන්නා අත්වැල් පටලා
නදී තෙරේ

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

අතීතයේ මල් පාරේ ඇසේ වසන්ත ගී රාවේ
රිදී පහන් වැටි දල්වා ඉතින් වඩින්න දෝලාවේ
තාරකාවෝ
මල් ලතාවෝ
අර ඉඟි කළ දා මෙන් කෝමල තාලෙන් හොරෙන් බලා

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්

නැකැත් අරන් එන කාලේ හිතේ රුවන් පියුම් පීදේ
යාන්තමින් රෑ සිහිනෙන් ඇසේ රබන් සුරල් නාදේ
චන්ද්‍රයාගේ
ඉන්ද්‍රචාපේ
ඔබ ළංවෙන මා වෙත නුපුරුදු ගීතය
සවන් දෙමී

අනංග දේශේ කුමරා වඩින්නේ
සුරංගනාවන් රහසේ රඟන්
නිසන්සලේ මා හද පෙම් සරන්නේ
අනංග බැල්මෙන් මත්වූ තරම්
ලලල්ලා ලා...
ලලල්ලා ලා...
ලලල්ලා ලා...
ලලල්ලා ලා...

ගායනය - සුජාතා අත්තනායක
පද රචනය - කවරෙකුගේ දැයි නොදනී
තනුව - Walter Scharf

No comments: