Monday, April 6, 2015

සුගන්ධිකා

සුදු කන්දට සඳ ළංවන රාත්‍රියේ
සිනහ අරන් ඔබ ආවා හිමින් සැරේ
හදේ පිරුණු ප්‍රේමය රන් පියුමක් සේ
මට දැනුණා ඔබ මා ළඟ උන් මොහොතේ

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා

වැව් දිය මත කැලතෙන සඳ
රෑ හීනෙක බොඳ වී තිබුණා
නිල් මහනෙල් මල් යායක
ඔබේ සුවඳ මුසුවී දැනුණා

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා

රන්කොත් වෙහෙරට ගිය හිත
යළිත් ඇවිත් හිත විමසාවි
මා පමණයි මේ වැව ළඟ
අතීතයේ ඔබ හැංගෙනවා

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රංජිත් රූපසිංහ
තනුව - දර්ශන රුවන් දිසානායක

No comments: