සරාගී නෙත් කැළුම්
දවාලයි ළය මඬල
ඒ මිහිරි වේදනා
හැර නොයයි ජීවිතේ
කවුරු හඳුනා ඇතිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන
ප්‍රේම ආනන්දයෙන්
වැළඳගන්නා ලෙසින්
ප්‍රේම උන්මාදයෙන්
සමුගනී ජීවිතෙන්
කෙළෙස හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන
යොවුන් සිත් අවුලන
ප්‍රේමයෙන් ඔබ තැවේ
මව් හදේ දළුලන
ප්‍රේමයෙන් ලොව නිවේ
කෙදින හැඳිනිය හැකිද මේ ප්‍රේමයේ අරුමය
කඳුළු උල්පත් මවන///
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - දර්ශන රුවන් දිසානායක
No comments:
Post a Comment