Saturday, April 4, 2015

බෝධියෙන් වට

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහෙදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි
බෝධියෙන් වට බෝ පතක් සේ

සැලෙන බෝපත් සෙමින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
මුණිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහෙදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙමි
බෝධියෙන් වට බෝ පතක් සේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව - පණ්ඩිත් ඩබ්.ඩීඅමරදේව

No comments: