Thursday, April 2, 2015

ජන්ම භූමි වන්දනා

ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ ...//

සූර්ය රාජයා ඇදී ‍
රැස් විදා වඳී උදේ
සිව් මහා ගඟුන් රිදී
ගී ගයා වයා ඇදේ
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය  භූමි වූ

මේ බිමේ පොළෝ තලේ
පෑගුනත් ලැබේ බලේ
සියල්ලෝම ආසාවේ...ඉතීරේ...
හා... හහා...හහා... ලංකා භූමියේ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ

ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
ලොව රම්‍ය භූමි වූ ...//
ලොව පුණ්‍ය භූමි වූ ...//
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ
ලොව රම්‍ය භූමි වූ
ලොව පුණ්‍ය භූමි වූ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන

No comments: