Thursday, April 2, 2015

ජීවත් වනදා ඇවිත් නොගිය දරුවෝ

ජීවත් වනදා දැකගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළින් මවුපියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ ...//

මහ මඟ සුදු වැලි දෙපසේ සැරසිලි
අහසින් වස්වා මල් වරුසා
රිය පෙරහැරකින් සොහොන් බිමට යති
යුතුකම් ඉටුකළ වග පවසා

ජීවත් වනදා දැකගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළින් මවුපියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ

මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිල්ලිලා
හත් දොහෙ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතුවෙලා

ජීවත් වනදා දැකගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළින් මවුපියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - හෙක්ටර් විජේසිරි
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: