Monday, June 8, 2020

කඳුළු විලේ


කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ ....//

සිහින දනව්වේ
අඳුරු ඉසව්වේ
ඔබ දෑස තරු බැබළේවා ....//
ඒ තරු කිරණේ
මඟ හෙළිවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

සිතැඟි කොදෙව්වේ
සුදු මුතු පව්වේ
ඔබ දෑත මට ළංවේවා .....//
ආ දුරු කතරේ
ඉම හමුවන්නේ
හදේ විඩා තැවුල් නිවේවා

කඳුළු විලේ
තරඟ දැලේ
පිපෙනා සිනා මල් ළඳුනේ
හද මඬලේ
සඳළු තලේ
දිලෙනා නිශා මධු සඳුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමග සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

1991 දී හිරුට මුවාවෙන් නමින් නිකුත්වූ සංයුක්ත තැටියට මේ ගීය ඇතුළත් විය.

No comments: