Sunday, June 7, 2020

අඬහැර අසනු රිසියෙන්

අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට

බැතේ බරට හිනැහෙන කමතේ පැදුර
කාන්සියට මැදිවී නිහඬයි දුකට
හෙළ කුල සිරිත් යට වුණු කල කළ පවට
කෙලසක විඳින්නද වෙල් එළියක මිහිර

සිහිලැල් සුළං රැල් පාවෙයි සිහිල දිදී
හීන් හ‍ඬින් වක්කඩ දිය ගලා බසී
සුපුරුදු ගැමි සුවඳ හදවත කොනක හිඳී
කොළ මැඩුමකට සිත කැන්දන් යාවි නිතී

අඬහැර අසනු රිසියෙන් හඳ කමතෙ වැඩ
ඉපනැලි යායෙ අතුරා රන් සේල පට
සිටිනා සිරියාව තුන්යම රෑ නෙතට
අද නෑ දකින්නට පින් මඳ පුතුන් හට

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ගාමිණී ශ්‍රී තෙබුවන
තනුව - ආනන්ද වෙෙද්‍යසේකර

No comments: