Monday, September 21, 2020

ශ්‍රි ජය විජය සිරින් පිරි

ශ්‍රි ජය විජය සිරින් පිරි පුතුනේ
අප සිරි ලංකා මාතා ලෝ කුසේ ...//

සිංහල ජාතිය කීර්ති ධජා
නංවා දිනෙවා නිතරා ...//

සිරි ලංකා මීගමු දියණී
දරු පෙම් දුලා මිනර්වා කැළා ...//

එස් එම් නායගම් මැතිඳා
ගුණ කරුණා ධා‍රේනා ...//

චිත්‍ර කලා කැළ ඒ
චිත්‍ර කළා මෙ ර‍ඟේ
ලියලා තොසිනා රඟනා
දෝ සැම ඒ දුරලා
ප්‍රීතිය වේවා සැමා
දෝ සැම ඒ දුරලා
ප්‍රීතිය වේවා සැමා

මුල් ම සිංහල කතානාද චිත‍්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” නිපදවෙන්නෙ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එකී නමින් වූ නාට්‍යය ඇසුරු කරගෙනයි. චිත‍්‍රපටයේ නාමාවලිය දිගහැරෙන්නෙ එහි නිෂ්පාදනය වෙනුවෙන් දායක වූ පිරිසට ප්‍රශංසාව ද සහිතව ගැයෙන මේ ගීයෙන්.

ගායනය - මිනර්වා ගායක කණ්ඩායම
චිත්‍රපටිය - කඩවුණු පොරොන්දුව 1947

No comments: