Wednesday, March 4, 2015

ඈත කඳුකර

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ ...//

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ ...//
ලදැළියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - ලයනල් අල්ගම

චිත්‍රසේන කලාකරුවානන්ගේ නල දමයන්ති මුද්‍රා නාටකයෙනි

No comments: