Thursday, March 5, 2015

දස්කොන් සකි සඳ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ ....//

සියොළඟ හිමි ළඟ
හදවත ඔබ ළඟ
සිත යන යන තැන එන්නේ

මතු දා ඔබ හමුවන්නේ
මතු දා ඔබ හමුවන්නේ
මතු දා ඔබ හමුවන්නේ

ඔබ ළඟ නැති මුත්
ඔබගේ සුවඳයි
පවනේ පාවී එන්නේ

සයනේ සැඟවී ඉන්නේ
සයනේ සැඟවී ඉන්නේ
සයනේ සැඟවී ඉන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව



එම පිළිතුරු ගීය

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ

එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ
....//

සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳලන්නේ

කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යළි හමුවන්නේ
දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ

එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ

 

මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව
ලොව්තුරු සුව වළඳින්නේ

කිසිදා නැත සමුගන්නේ
ඔබ මා යළි හමුවන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොඑනා ගමනකි යන්නේ

එනමුත් ළඳූනේ මතු අත් භවයේ
ඔබ මා යළි හමුවන්නේ

 

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


No comments: