Tuesday, December 19, 2023

සොම්නස ඉතිරෙයි මා හර්දේ



සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

හිතේ සතුට ඒවි මෝරා
මටයි ඔබේ ආදරේ
හිතේ සතුට ඒවි මෝරා
මටයි ඔබේ ආදරේ
සදාකාලිකයි අපේ සථීර ප්‍රේමේ
අගෙයි දෑස වාගේ පිවිතුරු ආදරේ

සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

සදා නොවී ප්‍රේමෙ සාරයි අපේ
මෝරා වැඩෙයි ප්‍රීතියෙන් කල් ගෙවේ

සදා නොවී ප්‍රේමෙ සාරයි අපේ
මෝරා වැඩෙයි ප්‍රීතියෙන් කල් ගෙවේ
කුල බේදෙන් අපේ ප්‍රේම හානි නොවේ

සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සිහින සැබෑවෙයි මා ජීවේ
එන්නේ කවදද මාව සොයා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා
සොම්නස ඉතිරෙයි මා හර්දේ
ඉන්නම් සැනසීලා

හ්ම් ම්ම් ම්ම් ම්ම්
ම් ම් ම් ම් ම් ම්
හා ආ ආආආ
ආආ ආආ ආ...

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි *

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.
(මෙම චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂකවරු හය දෙනෙකු සහභාගි වූහ. චිත්‍රපටියේ ගී නවයක් ඇතුළත්වූ අතර, ඒවායේ කතෘත්වය විනිශ්චයේ ගැටළුවක් පවතී)




ගීයේ සිනමා රූප


No comments: