Tuesday, December 19, 2023

මල් ගස් වැල් ද ගංගා



මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ
ඇයි මිනිහා වෙනස් වෙන්නෙ නොසිතු ලෙසේ
මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

මිනිසාගෙ පැවතුම් වෙනස් වී තියේ
ගුණ දහම හොඳ චේතනා නෑ හදේ

මිනිසාගෙ පැවතුම් වෙනස් වී තියේ
ගුණ දහම හොඳ චේතනා නෑ හදේ
නෑ සාමදානේ නෑ සුහදතාවේ
නෑ සාමදානේ නෑ සුහදතාවේ
කුල භේදයෙන් ජාති භේදෙන් තැවේ

මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

ආදරය හා සතුට ප්‍රීතී සැපේ
සොබ දහම මිනිසුන්ට මැව්වා ලොවේ
ඕ ආදරය හා සතුට ප්‍රීතී සැපේ
සොබ දහම මිනිසුන්ට මැව්වා ලොවේ

කුල භේදෙ හින්දා
පුහු මානෙ රන්දා ....//
වනසා දමයි මේවා මිනිසා අහෝ

මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ
ඇයි මිනිහා වෙනස් වෙන්නෙ නොසිතු ලෙසේ
මල් ගස් වැල් ද ගංගා ලොවේ
දිය ගොඩ අහස වෙනසක් නොවේ

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - අවිනිශ්චිතයි *

1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.
(* මෙම චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂකවරු හය දෙනෙකු සහභාගි වූහ. චිත්‍රපටියේ ගී නවයක් ඇතුළත්වූ අතර, ඒවායේ කතෘත්වය විනිශ්චයේ ගැටළුවක් පවතී)




No comments: