Wednesday, April 29, 2015

සාගර රැජිණට ආදරෙයි කියා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සොයා

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

මේ ලොව කෙම්බිම නීල ගංගාවේ
නෑවෙමු පීනමු ගිලි එ දියේ
හෙට ඒද නැද්ද යනු කියනු නොහේ
අද විනෝද වෙමු අපි රහට රහේ
මල්සරාගෙ මල් හී විදින්න දැන් කාලේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

අහ හා හාහාහ ආ..
හහ හා හාහාහ හඅ
හහ හා හාහා හඅආ
හහහා හහහා හහහා

සේද වලාකුළු ඈත යයි පාවී
යමු ඒ ලෙස මඟ එළිවේවී
ලොව රංග පීඨයකි රඟමු එහී
ඇත අනේකවිද රස අරුතෙ වැහී
වාසනාවෙ මල් වැතිරේ වසන්තේදී

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ල
ලල් ලල් ලලල් ලලල්ලලා

සොම්නස මල් ඵල දී උදාවේවා
සෝකය භීතිය ඉන් පලායේවා
හිරු චන්ද්‍ර කාන්ති දෙක එකය සිතා
රස ලතාවෙ දැවටෙමු සතුට පතා
සුභ වෙලාව එළඹෙයි පදින්න මේ දියේ

සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා
අප තරුණ ජීවිතේ මධුර මීවිතේ
රස උරාල බොමු ලෝකයේ සරා
සාගර රැජිණට ආදරෙයි කියා
සීතල මදනල ගී ගයා ගියා

ගායනය - සුජාතා අත්තනායක මග රංජනී පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.

චිත්‍රපටියේ ගීය ගැයුවේ සුජාතා අත්තනායක සමග මල්ලිකා කහවිටයි. මුල් ගීයේ සංරක්ෂිත හඬ ඛණ්ඩයක් සොයා වෙහෙසුණ මුත් දුර්වල තත්වයේ පවතින්නක් හෝ සොයා ගැනීමට නොහැකි විය.
ඉතා මිහිරි, අහන්න අහන්න ආස හිතෙන රසයක් මේ ගීයේ තිබේ.
නැවත නැවත අසමින් පද වැල ඇමිණුවෙමි. මුල් කාලයේ ගැයුණු මෙම ගීයේ මා ළඟ ඇති ගී සුරැකුම් හා සසඳද්දී බොහෝ තැන් වල වචන එහෙ මෙහෙ වීම් තිබේ. එනිසා අඩුපාඩු තිබිය හැක.
පසු කලෙක සුජාතා අත්තනායක සිය නැගණිය සමගින් ගැයූ මේ ගීය රස විඳින්න.


මේ ගීයේ මුල් ගායනය ඇසි දිිසි කුමන ආකාරයකින් හෝ සංරක්ෂණය වී නොමැත. 


No comments: