අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
සුරංගනාවන් ගෙනා සිහින වැල්
සුරංගනාවන් ගෙනා සිහින වැල්
දිවෙයි දිවෙයි වන හිසේ වැදී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි දැන්
රහස් කතාවක් ඇසෙයි ඇසෙයි
ඈත සුළං රැළි වලින් මිදී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
සිහින් වලා සළු වලින් වැසී //
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී
කඳු කොමලියන්ගෙ ඔද වැඩී වැඩී
හොරෙන් බලයි අප දිහා විටින් විට
හොරෙන් බලයි අප දිහා විටින් විට
රස සාගරයේ.. (යේ......)
රස සාගරයේ කිඳී කිඳී
අම මිහිරකි ලොව රස පෙම්
සුවදෙන සිත සැනසුම්
අම මිහිරකි ලොව රස පෙම්
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග රුක්මණී දේවි
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "ලා දළු" චිත්‍රපටියට නිර්මානය විය.
ස්වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනකට සුදත් සමරසිංහ, අභිශේකා විමලධර්ම සමග මේ ගී ගැයුවා මෙසේ.....
No comments:
Post a Comment