දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ
රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ ....//
සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ //
වන සිවුපාවුන් නළවන ප්‍රේමේ//
හිතා ගොතා බොරු කතා කියන්නට
එපා එපා පෙම් දැලේ බැඳෙන්නට ....//
අඬා සුසුම් ලා කම්පා වන්නට //
දොඩා නොරොක් වී බුම්මා ඉන්නට //
රජකම දා ගිය කුමරා සාලිය
මනමාලිය කර ගති හුලවාලිය....//
කුවේණි විජයට ප්‍රේම ව උන්නා
එදා අපේ රට පාවා දුන්නා...//
සුන්දර සිරි දුව සදහට වාසය....//
පෙම් සැමියෝ ඉර මෙන් විශ්වාසය ....//
ඔප්පු කළෝතින් ඒක සැබෑවයි ...//
බස්නාහිර පැත්තෙන් ඉර පායයි ...//
දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ
රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ
සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ
වන සිවුපාවුන් නළවන ප්‍රේමේ
ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග මල්ලිකා ද සිල්වා
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර
1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment