Tuesday, August 11, 2026

"සල්ලි මල්ලි සල්ලි" චිත්‍රපටියේ ගීත



"සල්ලි මල්ලි සල්ලි" සිංහල සිනමා වංශකථාවට එකතු වන්නේ 52 වැනි සිංහල ඇසි දිසි චිත්‍රපටිය ලෙසයි.

එය 1958 ජූලි 18 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වුණා.


මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ පී.එස්. දිවාකර්. ඒ.ජේ. ද සොයිසා ගීත ප්‍රබන්ධ කළා.


මේ පළකිරීමේ අග නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කරන නිසා, මා ඔබව චිත්‍රපටියේ වූ ගීත වෙත රැගෙන යනවා.


මේ ඉදිරිපත් කරන ගී හැම එකකම වැඩිමනත් විස්තර සහිත ඒ ඒ ගීයේ කේවල පළකිරීමක් "ගී අරණ" අඩවියේ තිබෙනවා.

ගීයේ නාමය මත ක්ලික් කිරීමෙන් එම කේවල පළකිරීමට පිවිසිය හැකියි.


1. ඇයි තවම නිදා ඉන්නේ


ගායනය - මොහිදීන් බෙග්


1956 දී භාරතයේ තිරගතවූ Insaaf චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ Daulat Ke Andhere Mein යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Daulat Ke Andhere Mein

Singer - Mohammed Rafi

Lyricist - Asad Bhopali

Music Composer - Chitragupt (Chitragupta Shrivastava)





ගායනය - ධර්මදාස වල්පොල


1957 දී තිරගතවූ Ek Jhalak චිත්‍රපටියට හේමන්ත් කුමාර් ගායනා කළ O Gori Chori Chori Jana Buri Baat Hai ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Hemanta Kumar Mukhopadhyay
Lyricists - Shamsul Huda Bihari (S. H. Bihari)
Composer - Hemanta Kumar Mukhopadhyay
Movie - Ek Jhalak 1957



මේ ගී තනුවටම නිමැවුණු තවත් ගීයක්, අපට හමුවෙනවා, Ek Jhalak හින්දි චිත්‍රපටිය සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කරන්නට යෙදුණු "සෝබා" චිත්‍රපටියේ. ගීය ගැයුවේ එච්.ආර්. ජෝතිපාල. "ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි" ගීයට පිවිසුම

චිත්‍රපටියට ගැයුණු ගීය පහත දක්වා ඇත.



3. මලක් පිපීලා

ගායනය - ධර්මදාස වල්පොල

මෙම ගීය තැටියට නැඟුණේ නැත.

සංරක්ෂිත හඬ මුසු ගීයක් දැනට මා සතුව නැති නිසා ශ්‍රවණයට ඉදිරිපත් කළ නොහැකිය.


ගායනය - ලතා වල්පොල

තනුව හින්දි හෝ වෙනත් ද්‍රවිඩ ගීයකින් උපුටා ගෙන ඇත. ඒ පිළිබඳ තොරතුරු හමු නොවේ.




ගායනය - ලතා වල්පොළ සමග ධර්මදාස වල්පොල

1956 දී භාරතයේ තිරගතවූ "ඉන්සාෆ්" හින්දි චිත්‍රපටියට, ආශා බෝස්ලේ සමග තලාත් මෙහ්මූද් ගායනා කළ "Do Dil Dhadak Rahe Hain" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Singer - Talat Mehmood
Lyricist - Asad Bhopali
Music Director - Chitragupt Shrivastava
Movie - Insaaf (1956)




ගායනය - ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් සහ පිරිස

1950 දී තිරගතවූ "Sargam" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සහ චිටල්කාර් ගැයූ, "Ho Raat Milan Ki" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Ho Raat Milan Ki
Singer - Chitalkar Ramchandra & Lata Mangeshkar
Lyricist - Pyarelal Santoshi
Composer - Chitalkar Ramchandra
Movie -  Sargam (1950)




ගායනය - ලතා වල්පොල සහ මොහිදීන් බෙග්


ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




"සල්ලි මල්ලි සල්ලි" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව අදත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

එතුමාට "ගී අරණ" අඩවියේ කෘතඥතාව මෙසේ පලකරමි. 🌹

No comments: