Thursday, February 9, 2017

ගම රාලයි මෝඩ රැලයි


ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

සද්ද නොකර තිබ්බ
අඩිය උජාරුවට
ඇද්ද ලණුව දැම්ම කොඩිය සිලෝන් එකට
දේ ආ(ර්) පොකුරු දෙල්
අර පොකුරු පොකුරු මල්
නැව ගිලුණත් බෑන්ඩ් චූන්
ඔක්කොම සිම්පල්

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලො ප්‍රීති ගීත ගයන්නා
මොරටු කෙල්ලො ඩාන්ස් නටන්නා

ගඟේ නාපු කොරලි පැටව්
මහ මුහුදට බැහැල නටව්
පොර කුකුළට කොයි කොටුවත් ඔට්ටුයි මල්ලී ...//

නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ

ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා

පානදුරෙන් කොකෙක් ඇවිත්
කියා දීපි බයිල විරිත්
කකුල නොවෙයි නොන්ඩි අනේ පොළව ඇදයිලූ

ඕ මොනරට වගෙ හැඩ
සෙබඩට ලැබුණද
සුදනනි බල මැන
මගෙ හැඩ මුගෙ කැත

යකඩෙක හැපුණට
ඇදකුද තිබුණද
කපුටෙකු කෙටුවට
කුඹ ගස වැ‍ටුණද

ගමරාළයි මෝඩ රැලයි වලිගෙක එල්ලී
දිව්‍ය ලෝකෙ යන්න ගිහිං වැටුණලු මල්ලී
ඒ ඉස්සර යබර කාලෙ දැන් ඒ වගෙ නෙවෙයි රාළෙ
සිල්ප සාත්තර දියුණුයි ඉස්සර වගෙ වැටෙන්නෙ නෑ

අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා
අපේ පැළැන්තියේ එකෙක් හඳට ගිහිල්ලා

ගායනය - එච්. ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා සහ බන්දු සමරසිංහ
පද - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
තනුව - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
නව සංගීතය - සෝමපාල රත්නායක
2006 වසරේදී තිරගතවූ ‍සුපිරි බලවතා චිත්‍රපටියට ඇතුළත් වූ ගීයකි.

මෙම චිත්‍රපටියට යොදා ගෙන ඇති සැයළු ගී පැරණි ගී බව සළකන්න.

No comments: