Friday, February 17, 2017

තරුණ හිතක මිහිර රැගෙන

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

මල් සරාගෙ දුන්න අපේ අතෙයි තියෙන්නේ
මහබඹාට මගුල් නැකත අපියි හදන්නේ ...//
යොවුන් වියේ සුපෙම් හැඟුම් ඇයි හංගන්නේ
ළඟදිම මංගල යෝගය උදා කරන්නේ
මල්සරා මල්සරා //

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

මල් හීයක් ඇදී ගොහිං උක්දඬු දුන්නේ
තරුණ ළඳක ගෝමර ඇති ළමැද හැපෙන්නේ ...//
මල් පැණියෙන් ඔද වැඩිලා හැඟුම් මැවෙන්නේ
තරුණ හිතක ආදරයයි එතැන උපන්නේ
මල්සරා මල්සරා //

තරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා
සිනහ ලොවක නටන්න මනමාල කුරුල්ලා ...//
මල්සරා මල්සරා //

ගායනය - සී.ඩී. ෆොන්සේකා
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1966 දී තිරගතවූ 'සැනසුම කොතැනද' චිත්‍රපටියේ ගීයකි.

No comments: