ඒ හින්දයි කනත්තෙ ඉන්නේ
මැරිල ගිය අපිටත්
හොඳින් ඉඳින්නවත්
මිනිස්සුනේ මොකද මොකද ඉඩක් නොදෙන්නේ
මැරුණ අයගෙ නම විකුණනවා
එහෙම කරන අය වැජඹෙනවා
ඔය සෙල්ලම් ගැන දැකලා
මොන මොනවා හරි කරලා
ඉන්නයි අපිත් හදන්නේ
ඇත්තමයි
කාලය අමුතුවෙලා දැන් වෙනස්වෙලා
මිනිස්සු පිස්සු නටයි විගඩම් කරලා
ජීවත් වෙච්ච කාලෙ ඇද කුද හොයලා
මැරුණට පස්සෙ මොකද ගරුසරු කරලා
තමන්ට තැනක් ගන්න නම වුව තියලා
අනුන්තෙ වටිනා නම අද කැත කරලා
ජීවත් වෙච්ච කාලෙ නොමරා මරලා
සළකයි මළාට පසු උත්සව තියලා
අපේම මිනිස්සුන්ගෙ මේ වැඩ දැකලා
මැරෙන්න හිතෙනව දැන් පණ ටික ඇරලා
මැරුණට පස්සෙ තියන ලස්සණ දැකලා
නටන්න අද රෑ මේ කනත්තෙ ඉඳලා
ගායනය - ෆ්‍රෙඩී සිල්වා සහ එස්. කලාවතී
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
නව සංගීතය - සෝමපාල රත්නායක
2006 වසරේදී තිරගතවූ සුපිරි බලවතා චිත්‍රපටියට ඇතුළත් වූ ගීයකි.
මෙම චිත්‍රපටියට යොදා ගෙන ඇති සැයළු ගී පැරණි ගී බව
සළකන්න.
No comments:
Post a Comment