නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ
පෙර ආත්ම භාවේදි පැතුසේ මෙසේ
අප දෙන්නා එක්වීය නොසිතූ ලෙසේ
සුර ලෝකෙ සුර සැපත විඳිමූ ප්‍රියේ
එක යහනෙ එක තුරුළෙ සැනසී තොසේ
රමණීය කමනීය අපෙ ආදරේ
නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ
සංසාර සහරාවෙ මේ ප්‍රේම තරණේ
නොසැළෙන්න නොතැවෙන්න සුහදානනේ
හැමදාම ඔබ මාගෙ මා ඔබගෙ වේ
අප දෙන්නගේ ප්‍රාණෙ එක ප්‍රාණෙ වේ
රමණීය කමනීය අපෙ ආදරේ
නොමැකේය සොමි ලපය සේ අම්බරේ
නොනැසේය නොබිඳේය අපෙ ආදරේ
සඳ සේය බැබලේය කිරි සාගරේ
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල
පද - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
තනුව - (කතෘත්වය තහවුරු කර ගැනීමට තිබේ)
නව සංගීතය - සෝමපාල රත්නායක
2006 වසරේදී තිරගතවූ සුපිරි බලවතා චිත්‍රපටියට ඇතුළත්
වූ ගීයකි.
මෙම චිත්‍රපටියට යොදා ගෙන ඇති සැයළු ගී පැරණි ගී බව
සළකන්න.
No comments:
Post a Comment