සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ
නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක්
තවත් වරක් මට පාසැල් යන්නට
ලැබුණොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ
මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැණුුනේ නෑ මා හට
අද මට දැණෙනු වගේ
තවත් වරක්
තවත් වරක් මට පාසැල් යන්නට
ලැබුණොත් හරිම අගේ
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
පොඩි කාලේ
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස්
විජේවර්ධන1974 දී නිකුත් වූ "සිහින පැතුම්" තැටියට අඩංගු වූ ගීයකි. (EP Sooriya / CHB 035)
Song - Sandak Besa Giya
Singer - Clarence Wijewardana
Lyricist - Clarence Wijewardana
Composer - Clarence Wijewardana
No comments:
Post a Comment