Thursday, March 28, 2019

නැවතිලා බින්දු සිනා



නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා

ඈ එන ගමනේ මා මඟ රැඳුණා
අද අද ඕ නැවතී
මා දෙස හැරිලා හිනැහෙයි සිතලා
මොහොතක් හෝ නැවතී
ඒ සුසුම් යුගේ
මතකයෙන් මගේ
අද සේදුනි සැඟවීලා

නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා

ආදර සුවඳේ මා මන පිබිදේ
රඟ රඟ පෙම් වරුණා
ඈ හෙට උදයේ පාසල් යනවා
සුදු සුදු හංසඟනා
හිත තියේවිනම්
ජය ගනී සටන්
මා නෑ නොව පැරදීලා

නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා ....//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ක්ලෝඩ් ප්‍රනාන්දු

No comments: