Friday, December 28, 2018

ඕළු නෙළුම් නෙරිය රඟාලා




ඕ ඕ ඕ.... ඕ........... ඕ....ඕළූ
නෙළුම් නෙරිය සලා ... ආ.....
රඟන්නේ

ඕළු නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වලා නඟාලා ....//
ගඟුල් තොටිල්ලේ
මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කිරලා කිරලි කූඩුවේ ලගී
කුරුලු පන්ති නාද දී නඟී ...//
නැඹුරුවී බලා
කුඩා සුදු වලා
ඔබේ රුවට වසී වෙලානේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කබරගොයා උගේ සුරතලී
සොයා ඇදෙයි නඟා දිය සුළී ...//
කොකුන් කිරි වගේ
නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් රැළක හැඩයිනේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ////.

ගායනය - සිසිර සේනාරත්න සහ පිරිස
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.

No comments: