Sunday, March 22, 2015

අහස උසට නැග

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතු කුටියේ මම කාන්සියේ ...//

උඩට ගියත් නුඹ මහ පොළවේමයි
හිත හොඳකම හින්දා
නුඹ හදනා මැදුරට එන දෙවියොත්
ඒ වාගෙද මන්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

හිතට බයයි නුඹ වැඩි උඩ යනකොට
නුහුරුකම ද මන්දා
බිමට වරෙන් මගෙ බුදු අයියණ්ඩියෙ
මම තනියම හින්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය - ආරියසේන වඩුගේ
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

No comments: