Tuesday, June 2, 2020

දර මිටි බැඳගෙන

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැවී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය රෝහණ වීරසිං


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් (1987) දොරට වැඩි ගීයකි.
1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.

No comments: