ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බලකරනා
හැඟුම් අවදිව මැවේ කවිකම
ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්
සෙනෙහසින් රැඳී වුන් නෙක දන
පලා යයි නොකියාම ඈතක
පවුරු පදනම් බිඳී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ළංවේද තනියට
ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්
ගායනය - නන්දා මාලනී
පද - බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය - රෝහණ වීරසිංහ
“ගජමන් නෝනා“ ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.
තම ගුරු මෑණියන්ට ප්‍රණාමය දක්වමින් දීපිකා ප්‍රියදර්ශනී මේ ගීය මෙලෙසින් ගැයුවා...

No comments:
Post a Comment