මල්
නොතලා මල් පැණි බොන බඹරුන් වේ නම්
ඒ
බඹරුන් මල් යායට ගීයක් අන්දම් ....//
ගීයක්
අන්දම් බඹරුන් ගීයක් අන්දම්
ගැට
නොතලා ඵල වළඳින සියොතුන් වේ නම්
ඒ
සියොතුන් වන වදුලට මල් රූ අන්දම් .....//
මල්
රූ අන්දම් සියොතුන් මල් රූ අන්දම්
දළු
නොතලා ලිය ගොමුවේ සා මුව යා නම්
ඒ
සා මුව ලිය ගොමුවට නෑසියො අන්දම් ....//
නෑසියො
අන්දම් සා මුව නෑසියො අන්දම්
සිත
නොතලා සෙනෙහස දෙන සකි සඳ වේ නම්
හද
මිහිලිය නළවන සකි මල් වැහි අන්දම් ....//
මල්
වැහි අන්දම් සකි සඳ මල් වැහි අන්දම්
ගායනය
- නන්දා මාලිනී
පද
- මහින්ද දිසානායක
තනුව
හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
"දෙරණ"
ටෙලි සිත්තමේ තේමා ගීයයි.
No comments:
Post a Comment