Sunday, June 28, 2020

මගෙ රන් රාජිණි


මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා
මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුළැලි දහරා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද හා තනුව - ස්ටැන්ලි ඔමාර්


මෙය එච්.ආර්. ජෝතිපාල තනිව ගැයූ ප්‍රථම ගීයයි.
(තමාගේම වියදමින් මේ ගීය තැටි ගත කර, ජෝතිපාල මෙහි සියළු බරපැන දරණ ලදී. අතීත කතාව හා වැඩිමනත් තොරතුරු මෙතනින්.)

Song - Mage Ran Rajini
Singer - H.R. Jothipala
Lyricist - Stanley Omar
Composer - Stanley Omar
Year - 1954

No comments: