Friday, June 5, 2020

රිදී නදී තාරකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

මල් පාරේ මල් ඉහිරී මල් ඇතිරිල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
මල් ඇතිරිලි යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

ආකාසේ තරු සැරසී සඳ සිහිලැල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
සඳකැන් තරු යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා ....////

ගායනය - මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - කලණි පෙරේරා
1987 දී කළ ගීයකි.
Selected hits of Menik Jayasekara” සංයුක්ත තැටියට ඇතුළත් විය.

No comments: