ලප නැති සඳක්
ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
දුටුවෙද ඔබත්
සඳරැසින් පිපි
මලක් වනු මිස
නොපතන්න ඒ සා පුර හඳක්
පුර හඳක්
ඇද නැති ගඟක්
නිල් දියවරක්
ගැලුවා ද දී
රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස
නොසොයන්න ඒ සා ගඟ දියක්
ගඟ දියක්
මඩ නැති විලක්
මත සියපතක්
පිපුණා ද කවදා කොතැනකවත්
රැඳි සුවඳ මුව ළඟ විඳිනු මිස
නොසොයන්න ඒ සා සියපතක්
සියපතක්
ලප නැති සඳක්
ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
දුටුවෙද ඔබත්
සඳරැසින් පිපි
මලක් වනු මිස
නොපතන්න ඒ සා පුර හඳක්
පුර හඳක්
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - නවරත්න ගමගේ
ශ්‍රී ලංකා රූපවාහිනී සේවයෙන් විකාශය වූ "ආඥාදායකයාගේ
සිහිනය" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.
2001 වසරේදී මෙම ගීතය,
“පාරු පාලමෙන්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2004 වසරේදී “සඳ එළියෙන් දෝතක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්
ඇතුළත් වුණා.
No comments:
Post a Comment