ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//
නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කල ද මදෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා
ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා
හේනෙ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැතිවී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා
ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරෙයි
මගෙ හදවත ඔබ වෙත බැඳුණා .....//
ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - වර්නන් පෙරේරා
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/001
No comments:
Post a Comment