Monday, April 1, 2019

පෙන බුබුලයි

පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

අතුපතරින් මල් පෙති සිපලා
උණුසුම අකුලා යනවා
වසන්තයේ ආදර රහසක් ඇය
අපහට පවසනවා

පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

සඳ කිරණින් වනපෙත දිලිලා
දිය ඇලි රැලි බැස යනවා
මල් කුමරියනගෙ මුව මත හැපිලා
සුවඳක් ගෙන එනවා

පෙන බුබුලයි සුදු සඳ කැළුමයි
සුදු වැලි තලයයි සිපලා
වන සිරියයි මොණරිගෙ රැඟුමයි
කඳුගැට මුදුනයි දැකලා

ආ... ආඅඅ ආ.....
හාආ හාආ.. හාආ ආ.....

ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1973 දී නිකුත්වූ The Super Golden Chimes at Kataragama තැටියට ඇතුළත් වූ ගීයකි.
(EP Sooriya / CHB 032)

No comments: