Monday, April 1, 2019

සීත සුළඟක් අහසේ

සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....) ....//

වැසි වැටිලා පොළව තෙමීලා
කෙත් වතු හරහා බසී ගලාලා
වැසි වැටිලා වැව් අමුණු පිරීලා
ගංගා උතුරා දෙගොඩ තලාලා

සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)

වැසි වැටිලා කෙත් වතු සරුවේවා
අටු කොටු පිරිලා සෙත ගෙනදේවා
වැසි වැටිලා පොළව තෙමීලා
යස ඉසුරින් මගෙ රට සරුවේවා

සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)
ආ ආ ආ.....
ආ ආ ආ.....

ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1973 දී නිකුත්වූ The Super Golden Chimes at Kataragama තැටියට ඇතුළත් වූ ගීයකි.
(EP Sooriya / CHB 032)

No comments: