Monday, April 1, 2019

සතුට සැනසුම ළඟ රන්දා

සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා ...//

ආදරේ යන අකුරු තුනේ
අරුත මා හට නොමැත දැනේ
ජීවිතේ හා සමය සෙනේ
ඔබට සිනහ වුණේ
ඔබට සිනහ වුණේ

සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා

නුහුරු සුවයක් මම විඳිමී
මිහිරි තෙපුලින් සිත තවමී
සිනහසෙන විට සිනාසෙමී
අසල බව දනිමී
ඔබ මා අසල බව දනිමී

සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා
සැනසුමක් වින්දා ...//

ගායනය - සුපර් ගෝල්ඩන් චයිම්ස් (ඇනස්ලි මාලේවන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1973 දී නිකුත් කළ The Super Golden Chimes at Kataragama තැටියේ අඩංගු වූ ගීයකි.
( EP Sooriya / CHB 032 )

No comments: