Friday, April 3, 2015

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන
සංගීතෙන් අප හමුවෙනවා ....//
සැන්දෑ යාමේ පෙම් රස කලතා //
සාගර ජල කඳ නැළවෙනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා ....//
මගේ අනාගත පැතුම් විමානෙට //
සෙනෙහස පොදි බැඳගෙන එනවා

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණඩිත් ඩබ්.ඩී. අමරදේව

ගැටවරයෝ චිත්‍රපටියෙන්

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: