Monday, February 27, 2017

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

 ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ... ආ ආ ආ...

රැල්ලේ පාවී වැල්ලේ බිහිවෙන
සංගීතෙන් අප හමුවෙනවා ....//
සැන්දෑ යාමේ පෙම් රස කලතා //
සාගර ජල කඳ නැළවෙනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ... ආ ආ ආ...

මුතු බෙලි කටු කිරිකවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා ....//

මගේ අනාගත පැතුම් විමානෙට //
සෙනෙහස පොදි බැඳගෙන එනවා

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවක ගොඩවී මා එනවා
සවර්ණ වර්ණ රන් එළිය දකින්නට
රළ රැලි මත නැගිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ආ ආ ආ ආ...  ආ ආ ආ ආ...
ආ... අඅ අආ අආ..

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීයකි.

No comments: