Saturday, December 31, 2016

මල් තරුණ සමය

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...//

ඔබෙ අතමයි හෙට දවසේ මගෙ රට දියුණට ඇත්තේ
අඩ අඳුරේ ඔබ ගිලුණොත් මගෙ රට පරහට අත්වේ ...//
හැම තත්පරයක් පාසා දැය දියුණට සිත ගත පා //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...//

දැය දිණුවොත් අපි දිණුවා මුළු ලොව අප හට යට වේ
ලොව දිණුවොත් අප පැරදී මොකටද ඵල නැත සොයුරේ ...//
එනු මැන සොයුරනි අප හා නැගුමට ඔබ දිණු රට දෑ //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //

මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ...////.

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ කාන්ති වික්‍රමස්ංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - නිමල් පෙරේරා

No comments: