Sunday, October 6, 2019

මට හිමි නැති


මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

හිතට හිත ඈත්වෙලා
ආදරේ හුදකලා වෙලා
ජීවිතේ ම මං කියනා
හීන අවතැන් කළා
දුටු හීන අවතැන් කළා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

ඔබ නැති හීනයේ පවා
මා තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා
මතක තවම තනි රැක්කා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

ගායනය - අතුල අධිකාරී
පද - සත්සර කසුන් පතිරණ

තනුව හා සංගීතය - උදාර සමරවීර




Mata Himi Nethi - Athula Adikari

No comments: