Monday, September 26, 2016

සසරේ මහ සයුරේ

සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරණ දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු වුණේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිව් මංසල් වල විඩා නිවා
ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ

සසරේ මහ සයුරේ තනිවූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පී.බී. කවිරත්න
තනුව - තිස්සසිරි පෙරේරා

No comments: