Monday, September 26, 2016

රෝස පාටින් පුංචි තොල් සළනා

රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

අඬන අඬන වාරේ
ඔබ නෙතග කඳුළු වෑහේ
යොවුන් වියේ ඔබ මතු කවදා හෝ
අහිමි ආදරෙන් තැවෙනව දෝ
හඬා වැටෙන්නට කඳුළු ඉතිරිවේදෝ

රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

බොළඳ ටිකිරි ළමයෝ
මේ අරුම ලොවකි පැටියෝ
යෞවන පෙම නම් දෙයක් තිබේ
එවන් ප්‍රේමයෙන් සිතැඟි දැවේ
එදින හඬන්නට කඳුළු නැතිව යාවී

රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සෝමපාල රත්නායක

No comments: