Tuesday, March 19, 2019

දවසේ පහන් නිවා

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

රත්තී බැඳපු තැනින් ලිහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගම නෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ තනිය මකා ගන්නෙ කෙසේ
ඉපදී මියෙන තුරා ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා නුහුරු හැඟුම් සිතට නො ඒ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

තනිවී නොයනු නඟේ ඉන්න මෙමා එනුද නඟේ
නැතිදෝ සිතට නුඹේ දැණුනෙ තවත් මිහිර පෙමේ
කුඹුරේ කමතෙ ගමේ නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා එන්න එපා පිං සිදුවේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

අපි නෑ සඳට අඬන්නේ
අඳුරේ එළිය දකින්නේ

ඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

ගායනය - සමන් ද සිල්වා සහ මාලිනී බුලත්සිංහල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: