ප්‍රේමාලෝකය නිවී ගියා
මට පත්තු කරන්නට බැරුව ගියා
වැටුණු මලක් බිම
ආයෙත් පිපේ ද
ආලය ඒ ලෙස පරවී ගියා
ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපේ මා හද ඇඳී ගියා
ආලේ හී රස්නේ මැකී ගියා ....//
හිඳෙන තුරා සාගරෙ බලනා //
කොකෙකු ලෙසේ මා රැවටීලා
ප්‍රේම පිපාසෙන් පීඩිතවී
දිනෙන් දිනම ඇඟ දිරල ගියා
ආලය කණපිට හැරිල ගියා
ප්‍රේමාලෝකය නිවී ගියා
මට පත්තු කරන්නට බැරුව ගියා
ප්‍රේමාලෝකය නිවී ගියා
ගායනය - රිචඩ් ඇල්බට් සහ එඩී යාපා
පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.
"ප්‍රේමාලෝකය නිවී ගියා" යන ගීය 1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියට ඇතුළත්වූ ගීයකි.
"පුරුෂ රත්නය" චිත්‍රපටියේ දී එම ගීය අනුකරණය කරමින් විකට ගීයක් ලෙස යොදා ගෙන ඇත.
මුල් ගීයේ නාමය මත කිලික් කිරීමෙන් "සුජාතා" චිත්‍රපටියේ ගීයට යොමු විය හැක.
No comments:
Post a Comment