එන්නකෝ
ගංගා
මං
බලාන ඉන්නේ
ඔබ
එනතුරු ගංගා
දිරූ
ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින්
දා ගිය සිරුර වාරුකර ..//
බලා
සිටිද්දී මා
අහක
බලාගෙන ගලා ගියා ඔබ
නෑ
නේද ඉතින් යළි අහක බලන් යන්නේ
ගංගා
එන්නකෝ
ගංගා
මං
බලාන ඉන්නේ
ඔබ
එනතුරු ගංගා
පිපුරුණු
දෙතොලින් අහස බලාගෙන
දියපොද
රහිත ව අකලට මහලු ව ...//
හඬා
වැටෙද්දී මා
පෙනෙන
ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ
නේද ඉතිං යළි අහක බලන් යන්නේ
ගංගා
එන්නකෝ
ගංගා
මං
බලාන ඉන්නේ
ඔබ
එනතුරු ගංගා
ගායනය
- අබේවර්ධන බාලසූරිය
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
මේ ගීය ගැන "නෑ නේද?.. ඉතින් යළි අහක බලන් යන්නේ...." මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.
No comments:
Post a Comment