Sunday, May 3, 2015

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා
අද යනවා දෙමංතලේ

රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

ගායනය, තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - ලූෂන් බුලත්සිංහල

මේ ගීය ගැන "ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස" මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.

No comments: