මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනියම හිනාවෙයි
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
ඝණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද රචනය - රත්න ශ්රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
මේ ගීය ගැන "ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.." මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.
No comments:
Post a Comment